26 July 2025

logo

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්



ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක හෙට (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)