03 July 2025

logo

සටන් විරාමය සඳහා ට්‍රම්ප්ගේ යෝජනාවට ඊශ්‍රායලය එකඟ වෙයි



ඉරානය සමඟ සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමය දැන් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව සහ එය උල්ලංඝනය නොකරන ලෙස රටවල් දෙකෙන්ම ඉල්ලා සිටීමෙන් පසුවය.

ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් දකුණු බෙර්ෂෙබා නගරයේ අවම වශයෙන් පුද්ගලයන් 04දෙනෙකු මිය යාමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබෙනවා.

ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් නොමැති බවත්, නමුත් ඊශ්‍රායලය දේශීය වේලාවෙන් අලුයම 4 (GMT 00:30) වන විට “නීති විරෝධී ආක්‍රමණය” නතර කළහොත් ටෙහෙරානය ප්‍රහාර නවත්වන බවත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබෙනවා.

ජුනි 13වන දින ඊශ්‍රායලය ප්‍රහාරය දියත් කළ දා සිට ළමුන් 13දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අවම වශයෙන් 3,056 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය පවසයි.

ඉරාන ප්‍රහාරවලින් අවම වශයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 24දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


(colombotimes.lk)