03 July 2025

logo

BREAKING NEWS - ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලය නිවේදනය කරයි.



එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යය මැදිහත් වී ඇති කරගත් සටන් විරාමය ඉරානය උල්ලංඝනය කළ බවට දැන් ඊශ්‍රායලය චෝදනා කරනවා.  ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඉරාන අගනුවර වන ටෙහෙරානයට “දැඩි ප්‍රහාර” එල්ල කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉරානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර එහි ඉහළම ආරක්ෂක ආයතනය අනතුරු අඟවන්නේ ඕනෑම ඊශ්‍රායල උල්ලංඝනයකට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීමට ඉරාන ආරක්ෂක හමුදා සූදානම් බවයි.

(colombotimes.lk)