colombotimes.lk
සිංහල | English

30 April 2024

ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සූදානම් වෙයි



ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසු ඉරානයට අනිවාර්යයෙන්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය පවසනවා.

මෙවැනි ආක්‍රමණවලින් නිශ්චලව සිටිය නොහැකි බව ඊශ්‍රායලයේ රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි දකුණු ඊශ්‍රායලයේ ජුලිස් හමුදා කඳවුරේදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම නුදුරේදීම ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ.

පසුගිය සෙනසුරාදා (13) ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා සහ මිසයිල 300 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ අතර ඒවායින් බොහෝමයක් ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල් විසින් බිම හෙළීමට කටයුතු කළා.

(colombotimes.lk)