07 December 2025

logo

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වාර්තාවක් බවට පත් වෙයි



ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර පහ තුළ නිකුත් කර ඇති වැඩිම විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව, 2022 දී නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගමන් බලපත්‍ර 9 ලක්ෂ එකළොස්දහස් හයසිය අසූනවයක් නිකුත් කර ඇති බව සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාව නිකුත් කරමින්.

2021 වසරේදි නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවට වඩා, පන් ලක්ෂ විසිනව දහස් එකසිය තිස්අටක්, 2022 වසරේදී නිකුත් කර ඇති බව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස පසුගිය වසරේ රටින් පිටව ඇති සංඛ්‍යාව විසි ලක්ෂ දහඅට දහස් හැට හයක්.

ඒ අතරින් එකොලොස් ලක්ෂ විසිහතර දහස් විසි දෙකක් ශ්‍රී ලාංකිකයින් වන අතර අට ලක්ෂ හැට හතර දහස් හයසිය හතලිස් අටක් විදේශිකයන් වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(colombotimes.lk)