දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙසයි.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙස දන්වමින්ද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
