දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදු වූ නායයෑම්වලින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සඳහන් කළේ තවත් පුද්ගලයන් නව දෙනෙක් පමණ අතුරුදන්වී ඇති බවයි.
එලෙස අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
