ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ මිනීමරු හන්දිය ආසන්නයේදීයි.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියැදුරු, කාන්තාවන් දෙදෙනෙක් හා තවත් පුද්ගලයෙක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි සිටි එක් කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 73ක් වන තල්ගස්පිටිය, හබලන්කාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අදාළ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු හා ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
