26 July 2025

logo

ඉන්දියානු රුපියලට මාලදිවයිනේ තැනක්



මාලදිවයිනේ බැංකු කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීමට මාලදිවයින රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාලදිවයින බැංකු කටයුතු සිදු කිරීමේදී මෙරට ගනුදෙනුකරුවන්ට ද ඉන්දියානු රුපියල යොදාගත හැකි බවයි වාර්තා වන්නේ. 

මෙමඟින් වෙළඳාම් පහසු කිරීම, ප්‍රේෂණ කළමනාකරණය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ද අවස්ථාව සැලසෙන බවද මාලදිවයින රජය සඳහන් කළා. 

(colombotimes.lk)