T20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත්වී තිබෙනවා.
ඒ එම ලයිස්තුවේ ඉදිරියෙන්ම රැඳී සිටි ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ පාකිස්ථානයේ හිටපු ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිව පසු කරමින්.
වනිඳු හසරංග මේ වන විට T20 ලෝක කුසලානවලදී කඩුලු 40ක් බිඳ දමා තිබෙනවා.
මෙතෙක් T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාබියා ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ බංගලාදේශයේ ෂකිබ් අල් හසන්.
ඔහු කඩුලු 50ක් බිඳ දමා තිබෙනවා.
(COLOMBOTIMES.LK)
