06 February 2026

logo

පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේදීයි.  

එලෙස මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබෙන බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ 52 හැවිරිදි වියේ පසුවන මාලඹේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙන බවයි. 

(colombotimes.lk)