05 December 2024


ඇමති විජිත හදිසියේ ගුවන්තොටුපොළට



ශ්‍රී ලන්කන් ගුවන්යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී ගුවන්තොටුපොළේ සියලුම අංශයන් වෙත ගොස් එහි සේවකයන් සමඟ සුහද කතාබහකද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපොළත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමත් නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් එම පරිශ්‍රයේ පිහිටුවා පැය 24 පුරාම ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට මෙන්ම ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)