03 January 2026

logo

මිරිහානේදී බස් රථයට ගිනිතැබූ සැකකරු මාස ​​18කට පසු අත්අඩංගුවට



2022 වර්ෂයේදී හමුදා සාමාජිකයින් රැගත් බස් රථයකට මිරිහාන ප්‍රදේශයේදී ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඇති වූ කලහකාරී වාතාවරණය අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවසේ ආරක්ෂාවට යොදවා තිබූ හමුදා නිලධාරීන් රැගත් බස් රථයකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබෙනවා. 
 
සැකකරු 33 හැවිරිදි මහියංගනය, පුජාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සෙනසුරාදා (සැප් 02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි මගින් හඳුනාගෙන දුරකථන ජාලය ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
(colombotimes.lk)