30 October 2025

logo

රටම එකට ජාතික මෙහෙයුම අද සිට



විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙළ 'රටම එකට - ජාතික මෙහෙයුම' අද (30) සිට ආරම්භ වනවා.
 
එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ආගමික නායකයන්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම විදේශ තානාපතිවරු 50දෙනෙක් ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. 

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමයි. 

(colombotimes.lk)