15 February 2026

logo

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව සිව්වන දිනටත්



මාදැල් ධීවරයින් පසුගිය 05වනදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ ට්‍රැක්ටරකයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මඟින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින්.

ඔවුන් සඳහන් කළේ අවස්ථා කිහිපයකදී ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුවද එය අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)