29 January 2026

logo

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට



2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
 
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මාලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
 
මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද (29) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඇය කියා සිටියේ පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කරදීම රජයේ අරමුණ බවයි. 

(colombotimes.lk)