2025 දෙසැම්බර් 21වනදා සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමඟ නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මිය ගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට හිමිවනවා.
(colombotimes.lk)
