පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සුනිල් වටගල සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ 2025 සැප්තැම්බර් 24වනදා සභා ගර්භය තුළදී සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (19) ඒ බව පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කථානායක රිස්වි සාලි නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර එහි සාමාජිකයන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
