හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කර තිබෙනවා.
මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල අදාළ අභියාචනා පෙත්සම් විභාගය මාර්තු මස 9වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
