20 January 2026

logo

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩුවෙන් දින දෙකක්



අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.  

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළඹෙන 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමට හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස කියා සිටියේ විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත් ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවයි. 

(colombotimes.lk)