31 January 2026

logo

GMOA සාකච්ඡාවේ තීරණය එළියට



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළඹෙන පෙබරවාරි 02වනදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා. 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26වනදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
 
අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්වීම හේතුවෙන් එළඹෙන 02වනදා සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ නැවත ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)