26 July 2025

logo

නුවරඑළියට අද සිට මල්තුහීන



දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (08) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි වැඩිදුරටත් සඳහන්  වන්නේ අද සිට ඉදිරි දින කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමට ඉඩ තිබෙනවා.

(colombotimes.lk)