06 July 2025

logo

කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂයෙන් තීරණයක්



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි.

කෝප් කමිටු සභාපති ධූරය සඳහා ඒකමතිකව පත්කිරීමක් සිදුකර ඇති බව ප්‍රකාශ කළද එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)