02 February 2026

logo

පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට



පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  

පසුගිය ජනවාරි 26වනදා සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබෙනවා. 

මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ 10ක් සහිත පතරොම් ගැබක් මෙලෙස අතුරුදන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)