02 February 2026

logo

2026 චීන වසන්ත උත්සව සමයේ සංචාරක උණුසුම අදින් ඇරඹෙයි



චීනයේ වසන්ත උත්සවය හෙවත් සාම්ප්‍රදායික අලුත් අවුරුදු සංචාරක උණුසුම් සමය අද (02) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසන්ත උත්සව කාලයේ ගමනාගමනයට අදාළව එහි උච්චතම සමයේ පළමු දුම්රිය අද (02) අලුයම, බෙයිජිං බටහිර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ බවයි. 

මෙම සංචාරක උණුසුම් සමය අද (02) සිට ලබන මාර්තු මස 13වනදා දක්වා දින 40ක් පුරා පැවැත්වෙනවා.

එහිදී රට පුරා දුම්රියෙන් ගමන් කරන මගී වාර සංඛ්‍යාව මිලියන 540ක් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෛනිකව දුම්රියෙන් ගමන් කරන වාර ගණන ද මිලියන 13.48ක් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය වසරින් වසර 5.0%ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)