11 February 2026

logo

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට



දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් හා ගුරු උපදේශකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින්. 
 
සේවය අතහැර ගිය පුද්ගලයෙක් නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයට දී තිබූ අනුයුක්තය දීර්ඝ කිරීමට රුපියල් 50,000ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී ඔවුන්ව ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)