ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමන් සිංහල බෞද්ධයෙක් බව සහ රටේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍යවේදීන් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ 'මම බෞද්ධ ආගම වෙනුවෙන් පෙනී සිටින බවත් අනෙකුත් ආගම්, සංස්කෘතිය සහ භාෂා ආරක්ෂා කිරීමද අපේ කාර්යභාරය වන බවත් නමුත් මෙය ජාතිවාදී අරමුණක් නොවන බවයි.
එමෙන්ම රටේ ධීවර, කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල පවතින අර්බුදය පිළිබඳව ආණ්ඩුව සොයා බලා කටයුතු කළ යුතු බවත් ජනතාවගේ අවශ්‍යතා සහ රටේ අනාගතය දෙස උවමනාවෙන් යුතුව බලන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ඔහු රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඔහු ගැන සෙවීමට පෙර ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරනවාද යන්න සොයා බලන ලෙසයි.
(colombotimes.lk)
