06 February 2026

logo

සති අන්තයේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි



දිවයිනේ උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

තවද බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)