06 February 2026

logo

ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි



ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සමඟ අකුණු ඇතිවීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)