06 February 2026

logo

ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි



නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (27) උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සමඟ අකුණු ඇතිවීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)