07 November 2025

logo

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහායි. 

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8වනදා සිට දින 6ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි. 

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වනදා පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)