ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම පණිවිඩයේ සඳහන් වන්නේ මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් තෝරා ගත් එම මාර්ගය වඩ වඩාත් හෙළි කර ගැනීමට එක්වන ලෙස තමන් සියලුදෙනාට ආරාධනා කරන බවයි.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනයට මුහුණදීමෙන් පසු තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැගී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජීය නව පරිවර්තනයක් සමඟ නව පුනරුද යුගයක් කරා මේ වන විට රට ගමන් කරමින් සිටින බව ද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
