ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිදෙමින් විශේෂ පූජාවක් සිදු කර තිබෙනවා.ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව මෙම පූජාව දිය යට නගරයක් වන පුරාණ ද්වාරකා හි සිදු කර ඇති බව සඳහන්. ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් උපහාරයක් ලෙස මොනර පිහාටු පූජාවක් සිදු කිරීම සඳහා අගමැතිවරයා මෙලෙස මුහුදේ කිමිදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. (colombotimes.lk)