රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට අවස්ථාව ලබා දීමට කටයුතු සැළසුම් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ අප්‍රේල් මස 11,12 සහ 13 යන දිනයන්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් වෙනුවෙන් අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහනක් 11 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(colombotimes.lk)
