19 February 2026

logo

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා. 

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබෙනවා. 

ඒ අනුව නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලීසියේ 37වන පොලිස්පතිවරයායි. 

(colombotimes.lk)