06 February 2026

logo

හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්



නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (03) රාත්‍රියේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (04) සිට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)