22 December 2024


ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි



නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (30) දින පස්වරු 11.30 වන විට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාවට ඇතුළු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එය ඉදිරි පැය 3 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති අතර එම පද්ධතිය මඟින්  දිවයිනේ කාලගුණයට එල්ල වන බලපෑම තවදුරටත් අඩු වන බව එම නිවේදනයේ සඳහන්.

නමුත් දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

(colombotimes.lk)