18 March 2025


ප්‍රදේශ රැසකට හෙට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි



බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (18) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(coolombotimes.lk)