 
                        ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගොස් තිබෙනවා. 
රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි.
රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්තාගත ආදායම උපයා තිබෙනවා. 
මෙලෙස ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම මෝටර් රථවලින් උපයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 
ඒ අනුව වසර අවසන් වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කරගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 
(colombotimes.lk)
 
 

