15 February 2026

logo

මතට ඇබ්බැහි වූ රියදුරන්ට රතුඑළි



මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන් බස් රථ ධාවනය කිරීමේදී මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
 
අමාත්‍යවරයා කියා සිටියේ කිසිම ආකාරයකින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා බවයි. 

මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් පරීක්ෂාව ක්‍රියාත්මක වනවා. 

ඒ යටතේ රුධිර සහ මුත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)