15 February 2026

logo

විදෙස්ගත අපරාධකරුවන්ට රතු නිවේදන



විදෙස්ගතව සිටින අපරාධකරුවන් 103දෙනෙක් මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ මේ වසර තුළදී එලෙස රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් තිදෙනෙක්  දිවයිනට රැගෙන ආ බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ එලෙස අපරාධ සිදුකර විදේශයන්හී සැඟව සිටින පුද්ගලයන්ගේ ලක්ෂ 500ක දේපළ රාජසන්තක කර තිබෙන බවද ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)