හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර පවසනවා.
ඔහු සඳහන් කළේ හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබෙන බවයි.
මේ වන විට එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය කටයුතු, විශාල බැකෝ යන්ත්‍ර ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් විසින් ද යොදවා කඩිනමින් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)
