08 December 2025

logo

නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්



නායයෑමට ලක් වූ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ අලුතින් මාර්ග ඉදි කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ 06වන
කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මේ වන විට ආරම්භ කර තිබෙනවා.
 
 එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි කඩිනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීම සඳහා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. කුලතුංග සහභාගී වී තිබෙනවා.





(colombotimes.lk)