22 November 2024


වැස්ස සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්



පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව අද (08) රාත්‍රියේ උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)