15 February 2026

logo

ආදරවන්තයන්ගේ දිනයේදී රෝස මල් අලෙවිය පහළට



රෝස මල්වල සහ අනෙකුත් මල්වල මිල ඉහළයාම හේතුවෙන් ආදරවන්තයන්ගේ දිනයේදී රෝස මල් ඇතුළු අනෙකුත් මල්වල අලෙවිය පහළ වැටී තිබෙන බව නුවරඑළිය නගරයේ මල් අලෙවිකරුවන් පවසනවා.
 
වෙළෙඳුන් කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් සහ පසුගිය දිනවල නුවරඑළිය ප්‍රදේශයට පතිත වූ මල් තුහිණ හේතුවෙන් මල් ඵලදාව අඩු වීම සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා මල් පාර්සල් ප්‍රවාහනය කිරීමට ඇති අපහසුතාවය හේතුවෙන් මල් අලෙවිය පහත වැටී තිබෙන බවයි.
 
ඒ අනුව රතු රෝස මලක් රුපියල් 750කටත්, කහ රෝස මලක් රුපියල් 650කටත් අලෙවි කිරීම සඳහා  නුවරඑළිය නගරයේ ස්ථාන කිහිපයකම මල් ප්‍රදර්ශනය කර තිබුණද රෝස මල් අලෙවි නොවූ බව වෙළෙඳුන් වැඩිදුරටත් කියා සිටියා. 





(colombotimes.lk)