22 November 2024


SL Vs WI - ODI | අවසන් සටනේදී කොදෙව්වන් ක්‍රියාත්මක වෙයි



සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම තරගයෙ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කිරීමට සිදු වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව එම පන්දුවාර 23 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 19ක් පමණයි.

ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කොදෙව්වන්ට පන්දුවාර 23 දී හිමි වූ ඉලක්කය ලකුණු 195ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කෙසේ වෙතත් මෙම තරගාවලිය තරග 2 - 1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

(colombotimes.lk)