හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ඉන්දීය ඔත්තු සේවයකින් දුරකථන ඇමතුම් ලැබී තිබෙන බවට ප්‍රකාශයක් ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මීට පෙර සඳහන් කර තිබෙනවා.
අදාළ දුරකථන අංක සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී එම ඇමතුම් සජින් වාස් ගුණවර්ධන විසින් ලබාදී ඇති බවට හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)