15 January 2026

logo

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්



බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය පවසනවා.

අද අලුයම 5ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නිවසේ පිටත බිත්තිවල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන බවයි.

ඒ අනුව මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)