03 January 2026

logo

ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජීව සාම්පල ඉන්දියාවට



කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජීව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවා ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසනවා. 

රෝගියාට ලබාදුන් Co-amoxiclav නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද පරීක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාවට යවා ඇති බවයි ඔහු පැවසුවේ. 
 
මෙම පරීක්‍ෂණවල ප්‍රතිඵල රෝගියාගේ මරණයට හේතුව තීරණය කිරීමේදී තීරණාත්මක වනු ඇති බවද ඔහු සඳහන් කළා. 
 
මෙම රෝගියා වරකාපොල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙක් වන අතර ඔහු තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබුණා. 
 
මේ අතර පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස Co-amoxiclav ඖෂධය භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)