colombotimes.lk
සිංහල | English

30 April 2024

Apple සමාගම පරදා Samsung සමාගම ඉදිරියට



ගෝලීය ස්මාර්ට් ජංගම වෙළඳපොලේ ඔටුන්න ඇමරිකානු Apple සමාගමෙන් ගිලිහී තිබෙන බව වාර්තා වනවා.

මෙම තත්වය උදා වී ඇත්තේ, 2024 පළමු කාර්තුවේදී Apple ජංගම දුරකථන අලෙවිය 10% කින් පහත වැටීමත් සමඟයි.

Apple සමාගම ලෝකයේ වැඩිම අලෙවියක් තිබෙන ස්මාර්ට් ජංගම දුරකථන සමාගම බවට පත් වී තිබුණද මේ වන විට ඉදිරියෙන් සිටින්නේ දකුණු කොරියානු samsung සමාගමයි.

ඒ අනුව samsung සමාගම ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගම් පහෙන් පළමු ස්ථානයට පත් වී තිබෙනවා.
(colombotimes.lk)